අපි ගැන

දැක්ම

විශ්වය ජයගත හැකි නිර්මාණශීලී උගතුන් බිහි කිරීම

මෙහෙවර

නව දැණුම හා නිර්මාණශීලී කුසලතා සමගින් විශ්වය ජයගත හැකි උගතුන් බිහි කිරීම උදෙසා කාර්යක්ෂම ඵලදායී ගුණාත්මක සේවාවක් සැපයීම.

ඉතිහාසය

නවෝදයක අරුණලු


ආයතනයක ගමන් මග හා දිශානතිය තීරනය කරමින් යායුතු ගමනට ජීව ශක්තිය සපයනු ලබන ප්‍රබල අංගයකි, එම ආයතනයේ දැක්ම හෙවත් දර්ශනය.
“ඒයිතිහාසික භූමියක සිට අනාග්තය ජය ගන්නට වෙර දරන, දැනුමෙන් පිරිපුන් පිරිසකට සෙවනක් වූ අප ආයතනයේ ගමන් මග මෙලෙසදිග හැරේ”.
සිප් සයුරෙන් එතෙර වීමට සිසු පරපුරට සවිමත් අත් වැලක් සැමයීම යන දර්ශණ්ය මූලිකව 1981 පෙබරවාරි 5 වන දින මහනුවර, පේරාදෙණිය පාරේ, අංක 87 දාණ ස්ථානයේ මුල් නාමය වනුයේ “සිප්සතර කලා පීඨයයි”.
80 දශකයේ මුල් භාගය වන විට මධ‍ය්‍යම  පළාතටම පෞද්ගලික පන්ති පවත්වන ආයතන පැවතියේ ඉතාමත් සීමිත ගනනකි. ඒ අතරට එක්වූ මේ නව ආයතනය, 1981 දෙසැම්බරයේ අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගයේ නව නිර්දේශ යටතේ පැවැත්වුනු ගණිත විශය ඉලක්කව පංතියක්  හා 1983 උසස් පෙළ කළා, වාණිජ හා ගණිත විශය ධාරාවන් ආවරණය කරමින් පංති ආරම්භ කෙරිණි.
සිප්සතර කළා පීඨයෙන් පන්නරය ලත් සිසුන් 1981,1982,1983 වර්ශ වන විට ඉහල ප්‍රතිඵල පෙන්නුම් කල අතර, සැලකිය යුතු පිරිසක් සරසවි වරම් ලැබීය. සරසවි වරම් ලබන සංඛ්‍යාව ඉහල යත්ම ආයතනයේ කීර්තිනාමය දිදුළන්නට විය.
එය පන්නරයක් කොට නව පාඨමාලා ආරම්භ කිරීමට හැකිවිය. 1989 වසරේදී බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ජාත්‍යන්තර පාසල් ඉලක්ක කරගනිමින් ඉංග්‍රීසි මාධ‍යය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයන් කිහිපයක් සඳහා පංති ආරම්භ විය.
පාඨමාලා ප්‍රමාණය වැඩිවීමත් සමඟ ආයතනික ඉඩ කඩ පිළිබඳ ගැටලුව මතුවිය.
එයට පිළියමක් ලෙස ආයතනය ඉඩ කඩ සහිත බිමකට ගෙනයන ලදී. ඒ සමගම ආයතනික නාමයද වෙනසක් සහිතව ජනගත කිරීමට තීරණය විය.
මෙතෙක් සිප්සතර නාමය ලද ආයතනය “නවෝදය” ලෙස පරිවර්තනය විය. සිසු පරපුරට නවෝදයක් උදාකරමින් මහනුවර ඩී.එස්, සේනානායක වීදියේ, අංක 165 දරණ ස්ථානයට නවෝදය ආයතනය ප්‍රවේශ වනුයේ කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සඳහා වූ පංතිද ආරම්භ කරමිණි.
මෙහි පුරෝගාමියා වූයේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලකෂ්මන් පියදාස මහතාය.
එතුමා සමග විද්වත් ප්‍රජාවක්ද සම්භන්ධ විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය හිමිකරගෙන තිබූ බාහිර උපාධි ලබාදීමේ ඒකාධිකරණය අභියෝගයක් කිරීමට අපට හැකිවිය. ඉතා සීමිත කණ්ඩායමකින් ඇරඹී, කෙමෙන් කෙමෙන් වර්ධනය වී තෙවන වසර වන විට සිසුන් 600 ක් දක්වා වර්ධනය විය.
විශයන් 04කින් ඇරඹූ පාඨමාලාවක්‍රමයෙන් විශයන් 08 දක්වාත් පසුව විශයයන් 20ක් දක්වාත් වැඩිකිරීමට හැකිවිය. සිප්සතරින් එතෙර ජීවිතයට නවෝදය උදාකරගත් දහස් සංඛ්‍යාත සිසු පරපුරකට උරුමකම් කියන්නට අපට හැකිවී තිබේ.
සංයුක්ත වශයෙන් සටහන් කලහොත්, උපාධිධාරීන්  දසදහස් ගණනක් නවෝදය පියසෙන් සමාජගතව ඇත. රාජ්‍ය කළමණාකාරීත්වයේ පටන් පෞද්ගලික අංශයේත්, ඉහළම තලයන්හි ඔවුන් සේවයෙහි නිරත වෙති. දේශ දේශාන්තර වල විහිද ගිය පිරිස් මෙන්ම ගුරුවරු, කාථිකාචාර්යවරු, ජේ‍යෂ්ඨ කාථිකාචාර්යවරු මෙන්ම මහාචාර්යවරු හා ආචාර්ය වරුන්ද ඒ අතර සිටිති.

ඔවුන් දේශයට අභිවුද්ධිය සලසන ප්‍රමුඛ බලකායක කොටස් කරුවන් වී අවසන්ය. වසර 40 ක් ඇවෑමෙන් නවෝදයේ ශක්තිමත්  පදනම සාඩම්බරණීය වේ.
වර්තමාන වෙළඳ, ආර්ථික, සමාජ අවශ්‍යතාවන්ට ගලපෙන ව්‍යවසායකයන්ට, දැනුමෙන් පෝෂිත පිරිසකට අත්වැලක්ව, කාලීන මෙන්ම අන්තර්ජාතික පිළිගැනුමක් සහිත පාඨමාලා ද ආරම්භ කරණ ලදී.
අප සතු භූමියක සයමහල් ගොඩනැගිල්ලක ස්ථාපිත නව නවෝදය ආයතනය සියලු අංගෝපාංගයන්ගෙන් පිරිපුන් එකකි. භාෂාගාරය, පුස්තකාලය, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ වඉන් සමන්විතව අති නවීන ශබ්දාගාර ඉඩකඩ සහිත දේශන ශාලා ඇතුලු සියල්ලෙන් අප ආයතනය පොහොසත්ය.
නවෝදය හැර නොයමින් දීර්ඝ කාලයක් අඛණ්ඩව  රැදීසිටින වෘත්තීය දැනුමෙන් ප්‍රතිපෝෂණය වූ ඇඳුරු මඬුල්ල නවෝදයට ආශිර්වාදයකි.
පුරෝගාමී වෘත්තිකයින්ගේ මඟ පෙන්වීමෙන් සමාජයේ ඉහල ඉල්ලුමක් සහිත වෘත්තීය සඵලතාවන් ඇති ඵලදායී පාඨමාලා සමූහයක් අද දරුවන් වෙත නවෝදය තිළිණ කරයි.
 ඒ අතුරින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක්ව, පුරාවිද්‍යාව හා සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පවත්වයි. අනාගත සංවර්ධන නියමුවන් බිහි කිරීම අරමුණුව ව්‍යාපෘති විශ්ලේශණ හා කළමණාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා සහතික පාඨමාලාව ක්‍රියාත්මකය. මඟ හසර පුළුල් කෙරෙන පර්යේෂණ ක්‍රම වේද පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවද සුවිශේෂී එකකි.

ගෝලීයකරණ අභියෝගයට මුහුණදියහැකි, ජාත්‍යාන්තර භාෂා දැනුමැති තාරුණ්‍යයට ප්‍රංශ, චීන, ජපන්, රුසිය සහ කොරියන් වැනි භාෂා සඳහා වූ උසස් සහතික පත්‍ර පාඨමාලාවන්ටද ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇත.
සමාජ බලගැන්වීම සඳහා වූ සමාජ සංවර්ධන පවුල් සෞඛ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශකයන් සඳහා ඩිප්ලෝමා පාඨමාලාව හා අභ්‍යන්තර අලංකරණය (Interior Designing) සඳහා උනන්දු වන්නන් ඉලක්ක කරගත් ඩිප්ලෝමා පාඨමාලාව ඒ අතරින් ප්‍රධාන වේ.
හුදු ජනප්‍රියත්වය, මුදල සහ ලාභයත් මූලික අපේක්ෂාවන් කොට නොගත් නවෝදය ආයතනය ප්‍රචාරයකින් තොරව නිහඩව ඉටු කරනු ලබන සමාජීය වූ මෙහෙවර ද පුළුල් වූවකි.
දෙස් විදෙස් ජනයාගේ ආකර්ෂණය ලබන මහනුවර නගරයේ අලංකරණය වර්ධනය කිරීම සඳහා මහනුවර මහනගර සභාවට ජනතාව දැනුවත් කිරීමට පුවරු සකස් කර ගැනීමට දායක විය. වර්තමානයේ දැඩි අවශ්‍යතාවක්ව පවතින මහනුවර මහ රෝහලේ අභිනවයෙන් ඉදිකරෙන පිළිකා රෝහල සඳහා වූ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමටද නවෝදය ඉදිරිපත් විය.
එසේම නුවර දිස්ත්‍රීක්කයේ සියලු ආයතනවල තොරතුරු ඇතුලත් කොට මහනුවර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සැකසූ දුරකථන නාමාවලිය මුද්‍රණය කොට සමාජගත කිරීමට අනුග්‍රාහකත්වය දැක්වීමට නවෝදය ඉදිරිපත්විය. 

එපමනක් නොව මහා ගත්කරු විලියම් ෂේක්ෂ්පියර්ගේ විශිෂ්ඨ සම්භාව්‍ය කෘතියක් වන Mid Summer’s Night Dream කෘතියේ සිංහල අනුවාදය කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අංශයේ ඇකඩමික් ප්ලේයර්ස් සමඟ එක්ව “ප්‍රේමවන්ත කුමාරයෝ” නමින් අති දැවැන්ත කලාත්මක වේදිකා නාට්‍යයක් රංග ගත කිරීමටද නවෝදය ආයතනය දායක වී ඇත. මෙම වේදිකා නාට්‍යය 2017 වසරේ පැවැත්වුණු රාජ්‍ය නාට්‍ය උළලේදී විශේෂ ඇගයීමට මෙන්ම  සම්මානයටද පාත්‍ර විය.
මෙවන් දැවැන්ත මැදිහත් වීමකට මෙතෙක් ලක් ඉතිහාසයේ කිසිදු පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් නොවූ තරම්ය. දශක තුන හමාරක් මුලුල්ලේ පුළුල් ජාතික, සමාජ, ආගමික හා සංස්කෘතික මෙහෙවරක් සිදුකල නවෝදය අධ්‍යාමන මධ්‍යස්ථානය ඇගයීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් නවෝදය අධ්‍යාපන මධ්‍යස්ථානයේ 35 වන සැමරුම වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් එළිදක්වන ලදී. එය ලාංකීය ඉතිහාසයේ, පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් වෙනුවෙන් නිකුත් කරන ලද පළමු මුල් දින කවරය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
එසේම, ඉදිරියේදී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනයට දොරටු විවර කරමින් විදේශීය රටවල් සමඟ එක් වී නව පාඨමාලා කීපයක් හදුන්වාදීමට අප ආයතනය සූදානම්ව සිටිමු.
මතු මතුවටද පුළුල් දැක්මකින් හා දර්ශනයකින් සුපොහොසත්ව දේශයේ සැබෑ සංවර්ධනය සඳහා නායකත්වය ගුණාංගවලින් පිරිපුන් පූර්වාදර්ශී පිරිසකට සෙවනක්ම වන්නෙමු.